මෙරට තුළ හිඟයක් පවතින ඖෂධ වර්ග 37ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩනම් අතර පැවති සාකච්ඡාවකදීයි මේ බව පවසා ඇත්තේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීව ජිනිවා නුවරදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මෙරට ඖෂධ හිඟය හා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර තිබේ.


