28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවන අලි පහරදීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

වන අලි පහරදීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, අඹන්පොල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මියගොස් ඇත්තේ නිකවලයාය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර ඇහැටුවැව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පහරදීමෙන් මියගොස් ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

මෘත ශරීරය මේ වන විට ගල්ගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර ඇහැටුවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.