― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට අද (4) පස්වරු 2.00 සිට හෙට(5) පස්වරු 2.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ 1 සිට 4 දක්වා, කොළඹ 7 සිට 11 දක්වා, කඩුවෙල නගරය සහ අවට, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් මාලිගාකන්ද ජලාශයට ජලය සැපයන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.