― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකාලය වැඩි කරන්නැයි ඉල්ලා බස් වර්ජනයක්

කාලය වැඩි කරන්නැයි ඉල්ලා බස් වර්ජනයක්

අද(4) දිනයේ, මාර්ග අංක 154 කිරිබත්ගොඩ සහ අගුලාන අතර ධාවනය වන බසයකට ගමන් වාරයක කාලය වැඩි කරන ලෙස ඉල්ලා බස් සේවකයෝ විරෝධයක් පළ කළහ. දැනට මෙම මාර්ගයේ පවතින ගමන් වාර කාලය පැය 1 විනාඩි 50 ක කාලය පැය 2 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අද (4) දිනයේ බස් ධාවනයෙන් ඉවත්ව සේවකයෝ විරෝධයක නිරතව සිටියහ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතා මේ බව පැවසීය. 

“කිලෝ මීටර් 26 ක දුරින් යුත් කිරිබත්ගොඩ සහ අගුලාන අතර ගමන් වාරයක් සදහා අතීතයේ ලබාදී තිබූ පැය 1 විනාඩි 35 ක කාලය බස් සේවකයින් ඉල්ලීම මත පසුව පැය 1 විනාඩි 50 දක්වා වැඩි බවත් එය පැය 2 ක් දක්වා වැඩි කළා. නමුත් පැය දෙකක් ඉල්ලී මගී ජනතාව දැඩි අපහසුතාවකට පත් කිරීමක්.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන කාර්ය මණ්ඩල ඇතුලුව දෛනිකව විශාල මගීන් සංඛ්‍යාවක් ගමන් ගන්නා මෙම බස් මාර්ගයේ ධාවනය කෙරෙන බස් ඉබි ගමනින් ධාවනය කෙරෙන බවට විශාල පැමිණිලි සංඛ්‍යාවක් මගීන්ගෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලැබී ඇති බව පැවසූ කළමනාකාරවරයා, දිනකට බස් රථ 70 ධාවනය කෙරෙන මෙම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට වන අපහසුතාවයට පිළියම් යෙදීම විය යුතු බව වැඩි දුරටත් කියා සිටියේය. “

එම නිසා දැනට පවතින කාලය කිසිසේත්ම වැඩි කළ නොහැකි බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් (2) කාර්යාලය සදහන් කරයි.