― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනතුරකට පත් පුද්ගලයන් 02ක් දැඩි පරිශ්‍රමයකින් බේරාගැනේ

අනතුරකට පත් පුද්ගලයන් 02ක් දැඩි පරිශ්‍රමයකින් බේරාගැනේ

වැල්ලවාය ඇල්ල මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේදී එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

ටිපර් රථයේ පිටුපස එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් පසු එළවළු ප්‍රවාහනය කළ ලොරි රථයේ ගමන් කළ රියදුරු සහ රිය සහයක ලොරි රථය තුළ සිර වී ඇත.

ඔවුන් බේරාගැනීම සඳහා පැයකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දැරීමට ප්‍රදේශවාසින්ට සිදු වී ඇති අතර එලෙස බේරාගත් ඔවුන් දෙදෙනා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.