25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සවස විකල්ප මාර්ග භාවිත කරන්නැයි දැනුම්දීමක්

අද සවස විකල්ප මාර්ග භාවිත කරන්නැයි දැනුම්දීමක්

කොළඹ 07 – බෞද්ධාලෝක මාවත භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ අද (06) කොළඹ 07 – බෞද්ධාලෝක මාවතේ අතුල දස්සනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙනි.

ඒ අනුව එම පෙරහැර බෞද්ධාලෝක මාවත, කනත්ත වටරවුම, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, මරදාන පාර – බේස්ලයින් හරස් පාර, ලෙස්ලි රණගල හන්දියෙන් නැවත හැරී විහාරස්ථානය වෙත පෙරහර ගමන් කිරීමට නියමිතය.

පොලිසිය පවසන්නේ පෙරහර ගමන් ගන්නා ඉහත මාර්ග භාවිත කිරීමේදී ඇතිවන රථවාහන තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.