එලුමස් කටුවක් උගුරේ හිර වී තුවාල ලැබූ යාපනය චාවාකචිකෙරී ප්‍රදේශයේ කාන්තාවක් 7වනදා යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය චාවාකච්චේරි ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වූ 46 හැවිරිදි ලෝකන්දුකුමාර් මෙරි ජනේන්ද්රා නැමති කාන්තාවයි.
ඇය ආහාරයට එලුමස් අනුභව කළ අවස්ථාවේදි එලුමස් කටුවක් උගුරේ හිරවීම නිසා එය ඉවත් වීමට උත්සහා කළද මස් කටුව නොගිය බැවින් ඇයව රෝහල් ගත කොට තිබෙනවා.
වෛද්‍යවරු මස්කටුව නිරීක්ෂණය කිරීම සඳහා ඇයගේ උගුරට කැමරාවක් යැවීමට සූදානම් වූ අවස්ථාවේදි ඇය ඊට බිය වී රෝහලෙන් පැන ආපසු නිවසට පැමිණ තිබෙනවා.
නිවසට පැමිණ ස්වල්ප වේලාවකදි ඇය එක දිගටම ලේ වමනය කරන්නට පටන් ගැනීම නිසා යළිත් වරක් ඇගේ ස්වාමියා ඇයව රෝහල් ගත කොට තිබෙනවා.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මියගිය අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේමකුමාර් එම මරණය උගුරේ මස් කටුවක් සිර වී ඇති වූ කුවාල වලින් අධික ලෙස රුධිරය වහනය වීම නිසා මරණය සිදු වූ බවට නිගමනය කොට තිබෙනවා.
යාපනයේ චාවාකචිච්චේරි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මියගිය අයගේ මළ සිරුර ඥාතින් වෙත බාර දී තිබෙනවා.