29 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන එයි

හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන එයි

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ ඇතුළු පිරිස අද (15) උදෑසන දිවයිනට රැගෙන විත් තිබේ.

පසුගිය 07 වැනිදා මෙම පිරිස අත්අඩංගුවට ගත් බව මැඩගස්කර බලධාරීන් මෙරටට දැනුම් දීමත් සමඟ එම සැකකරුවන් පිරිස දිවයිනට රැගෙන ඒම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මැඩගස්කරය බලා පිටත්ව
ගියේය.

මෙරට රැගෙන ආ කණ්ඩායමට ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ සමග තවත් 06 දෙනෙක් ඇතුළත් වන අතර හරක් කටාගේ බිරිඳ බව පැවසෙන විදෙස් ජාතික කාන්තාවක්ද එම කණ්ඩායමට අයත් බවයි පැවසෙන්නේ.