― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsජනපති “නිල් මහා සටන” බලන්න යයි

ජනපති “නිල් මහා සටන” බලන්න යයි

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහා සටනේ ජයග්‍රහණය ලබා ගත් කොළඹ රාජකීය විද්‍යාලයට ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත් වුණා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දෙවන දිනය වන ඊයේ (17) දින එය නැරඹීමට ද ජනාධිපතිවරයා එක් වුණා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ජනාධිපතිවරයා අද උදෑසන සිට කොළඹ SSC ක්‍රීඩාංගණයේ රැඳී සිටිමින් තරගය නැරඹීමට එක් වූ අතර එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ මෙන්ම ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායම් දිරිමත් කරමින් ඔවුන් සමග සුහද කථා බහක ද නිරත වුණා.

අද දින තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ජයග්‍රාහී කණ්ඩායමට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අනුස්මරණ පලිහ පිළිගැන්වීම සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතින්.

ජයග්‍රාහී කණ්ඩායමට මෙන්ම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායමට සහ තරගයේ දක්ෂතා දැක්වූවන්ට සම්මාන සහ සහතික පිළිගැන්වීම ද රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා.

ජයග්‍රාහී කණ්ඩායමට සහ දක්ෂතා දැක්වූවන්ට සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ක්‍රිඩාංගණය වෙත රැස්ව සිටි ක්‍රීඩා ලෝලින් සමඟ සුහද කතා බහක නිරත වීමට ද අමතක කළේ නැහැ.