27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ත්‍රස්ත පනත ගැසට් කෙරේ

නව ත්‍රස්ත පනත ගැසට් කෙරේ

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි නව පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදි සිදුකරනු ලබන ත්‍රස්තවාදි ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රීත වෙනත් වැරදිවලින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදය ආශ්‍රිත වරදක් කරන පුද්ගලයෙකු හදුනාගැනීම, සිරභාරයට ගැනීම, දඩුවම් දීම හා නඩුපැවරීමට අදාල විධිවිධාන මෙමගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ තවත් අරමුණක් වන්නේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමයි.