28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපල්ලෙකැලෙන් පැන්න රැඳවියෙක් මහවැලියට බිලිවෙයි

පල්ලෙකැලෙන් පැන්න රැඳවියෙක් මහවැලියට බිලිවෙයි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු නීත්‍යනුකූල අත්අඩංගුවෙන් මිදී මහවැලි ගඟට පැන පලායන අවස්ථාවේ දී ගඟේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 34ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම රැඳවියා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමක් සම්බන්ධ වරදකට බන්ධනාගාර ගතව පුනරුත්ථාපනය වෙමින් සිටි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

දියේ ගිලීමෙන් අතරුදන් වූ රැඳවියා සොයා පොලිසිය සහ නාවික හමුදාවේ කණ්ඩායමක් මේ වනවිට විමර්ශන සිදුකරනු ලබනවා.