හලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල් 3කින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග හමුවූ බවය.
පසුව එම වෙළෙඳසැල්වලට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර තිබේ.
විදෙස් රටවල්වලින් ගෙන්වා ප්‍රමිතියෙන් තොර චොකලට් සහ රසකැවිලි අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුම දිවයින පුරා සිදුකිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.