― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය කඩිනම් මැදිහත්වීමක් සිදුනොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබාදී නොමැති බවයි එහි සභාපති ශ්‍යාම් බන්නැහැක පැවසුවේ.

ඒ සඳහා රජය කඩිනමින් පියවර නොගතහොත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස දැඩි ක්‍රියාමාර්ගවල නිරත වීමට බලාපොරොත්තු වන බව හෙතෙම අවධාරණය කළේය.