― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඉන්ධන බෙදා හැරීමට බාධා කරන සේවකයින්ගේ රැකියා අත්හිටුවීමට පියවර ගන්නවා - ඇමති...

ඉන්ධන බෙදා හැරීමට බාධා කරන සේවකයින්ගේ රැකියා අත්හිටුවීමට පියවර ගන්නවා – ඇමති කංචන

ඉන්ධන බෙදා හැරීමට බාධා කරන,අනෙකුත් සේවකයන්ගේ රාජකාරියට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා උල්ලංඝනය කරන වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකුට හෝ සේවකයන්ට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගන්නා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු පවසන්නේ එවැනි පුද්ගලයින්ගේ සේවය අත්හිටුවීමට වුවද පියවර ගන්නා ලෙසට තමන් තෙල් සංස්ථා බලධාරීන්ට උපදෙස් දුන් බවයි.

බවුසර් සඳහා ඉන්ධන පිරවීමෙන් සහ බෙදාහැරීමෙන් ඉවත් වී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති කල ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසුවා.