― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිටපු කථානායකට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව

හිටපු කථානායකට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූවා.

එමෙන්ම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා.

හිටපු ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වුණා.

ඔවුන්ට අමතරව, තානාපති නිලධාරීන්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රමුඛ මහලේකම් මඩුල්ල, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන් හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම පවුලේ ඥාතීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අද පෙරවරු 9ට පමණ ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසලට පැමිණි අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිස විසින් දේහය බාරගැනීම සිදු කරනු ලැබුවා.

අනතුරුව දේහය වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීමයි සිදු කෙරුණේ.

අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජෝශප් මයිකල් පෙරේරාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමෙන් පසුව ශෝක ප්‍රකාශයක්ද සටහන් කළා.

ඉන් පසු නියෝජ්‍ය කථානායක, විපක්ෂ නායක, පක්ෂ නායකවරු, හිටපු ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපති නිලධාරින් මෙන්ම පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය හා කාර්‍ය මණ්ඩලය ද අනෙක් අමුත්තන් ද සිය අවසන් ගෞරව පුද කිරීමට එක්ව සිටියා.

අවමංගල්‍ය කටයුතු අවසන් වූයේ කථානායකවරයා ඇතුළු පිරිස ප්‍රමුඛත්වයෙන් රතු පලස මතින් දේහය අවමංගල්‍ය රථයෙහි යළිත් තැන්පත් කිරීමෙන්.