26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් රුසියානු ජාතික යුවළක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

විදෙස් ජාතික යුවළ බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන යමින් සිටි අවස්ථාවේ දී වෑන් රථයට මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් රියදුරුගේ සහ විදෙස් ජාතික යුවළගේ පාද වලට බරපතල හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ හෝමාගම මූලික රෝහල වෙතයි.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරට ලක්වූ රුසියානු ජාතික යුවළ වයස අවුරුදු 55 සහ 59 යන වයස්වල පසුවන අතර රියදුරු 25 හැවිරිදි වියේ පසුවන්නෙක්.