― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොළඹට භූ කම්පනමාන සවි කිරීමේ යෝජනාවක්

කොළඹට භූ කම්පනමාන සවි කිරීමේ යෝජනාවක්

කොළඹ අවට ප්‍රදේශවල දත්ත වැඩි වශයෙන් ලබා ගත යුතු බැවින් එම ප්‍රදේශ ඉලක්ක කර භූ කම්පනමාන සවි කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යේෂඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

බේරුවල මුහුදේ පසුගියදා ඇති වූ භූ චලනය සමඟ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනමාන සවි කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි හෙතෙම සඳහන් කරන්නේ.

මේ වනවිට පල්ලෙකැලේ, මහකනදරාව, බුද්ධංගල සහ හක්මන යන ප්‍රදේශවල දැනටමත් භූ කම්පනමාන සවිකර ඇති අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය විසින් වික්රෝරියා වේල්ල ආශ්‍රීතවද භූ කමිපනමාන කිහිපයක් සවි කිරීමට පසුගිය කාලයේ පියවර ගත්තේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන කියා සිටියේ පැලීම් සහ අවදානම් සහිත ගොඩනැගිලි ඇත්නම් ඒ පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර රාජ්‍ය හා පෞද්ගලික ගොඩනැගිලි හිමිකරුවන්ට ඒවා පරික්ෂා කර ගැනීමේ හැකියාවක් පවතින බවයි.