― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබිග්මැච් අනතුරේ කැබ් රථය පැදවූ රියදුරුගේ තොරතුරු එළියට

බිග්මැච් අනතුරේ කැබ් රථය පැදවූ රියදුරුගේ තොරතුරු එළියට

බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවති ක්‍රිකට් තරගය අතරතුර  පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් කැබ් රථයක්  පෙරළී සිසුන් දෙදෙනකු මියගොස් , තවත්  සිසුන්  පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියේ කැබ් රථය පැදවූ රියැදුරු සිසුවාට ඇත්තේ තාවකාලික රියදුරු බලපත්‍රයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා අද (3) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් පැවසුවා.

කැබ් රථය රැගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් එම සිසුවාගේ දෙමාපියන් වගකීම් පැහැර හැර කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම සිසුවා රියදුරු බල පත්‍රයක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වී එම රියදුරු බලපත්‍රය ලැබෙන තෙක් ඔහුට නිකුත් කර ඇත්තේ තාවකාලික රියදුරු බලපත්‍රයක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා ඇතුළු බලධාරීන් පොලිසිය සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදි මෙම කාලය  තුළ සිසුන්ට රථ පෙළපාලියේ යාමට පොලීසිය අවසර ලබානොදුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එසේ තිබියදි ඉහත සිසුවා නිවසේ තිබු කැබ් රථය රැගෙනවිත් මේ ආකාරයෙන් සිසුන් පිරිසක් නංවාගෙන ක්‍රීඩාංගනය ගමන් කරමින් සිටියදී කැබ් රථය කුඩා සිමෙන්ති කණුවක ගැටීමෙන් ගැටීමෙන් එය පාලනය කර ගැනීමට නොහැකි ව මෙලෙස පෙරළී ඇති බවද පොලිස් මාධ්‍ය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ.

මෙම සිද්ධියෙන් කැබ් රථය පැදවූ සිසුවා ද තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.