ෆින්ලන්තය අද, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානය සමඟ සම්බන්ධ වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ෆින්ලන්තය ‘නේටෝ’ සංවිධාන සාමාජිකත්වය ගත් 31 වන රට බවයි එහි මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සඳහන් කළේ.
සඳුදා (ඊයේ) පැවති මාධ්‍ය හමුවකදී ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ, |“මෙම සතිය ඓතිහාසිකයි. ෆින්ලන්තයේ ආරක්ෂාවට සහ අපගේ සන්ධානයේ ශක්තිය වැඩි කිරීමට හෙට, ෆින්ලන්තය නේටෝවේ 31 වන සාමාජිකයා බවට පත් වනු ඇති.”


