26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක වෙළඳපොළේ ඉන්ධන මිල එක්වරම ඉහළට

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල එක්වරම ඉහළට

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල එකවිටම ඉහළ ගොස් තිබෙනවා.

මීට හේතු වී තිබෙන්නේ ලෝකයේ විශාලතම ඉන්ධන අපනයනකරුවන් කිහිප දෙනෙකු සිය නිෂ්පාදන කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීමයි.

සෞදි අරාබිය, ඉරාකය සහ ගල්ෆ් රාජ්‍යයන් කිහිපයක් දිනකට තෙල් බැරල් මිලියනයකට වඩා අඩු කරන බව ඉරිදා ප්‍රකාශ කිරීමෙන් පසු බ්‍රෙන්ට් බොරතෙල් මිල ඉහළ ගියා.

දැන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 කට ආසන්න වන අතර එහි මිල ඉහළයෑම 6% ක්.

මීට අමතරව රුසියාව දිනකට සිදුකරන බැරල් මිලියන භාගයක නිෂ්පාදන කප්පාදුව වසර අවසානය දක්වා දීර්ඝ කිරීමට තීරණය කරනු ලැබුවා.