32 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබිත්තර ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්නගෙන් පොලිස්පතිට ලිපියක්

බිත්තර ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්නගෙන් පොලිස්පතිට ලිපියක්

ජාතික ජන බලවේගයට ඊයේ (30) කළගෙඩිහේන ප්‍රදේශයේදී බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ලිපියක් නිකුත් කරමින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක, අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ අතර පාක්ෂිකයන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පුද්ගලයින් දෙදෙනෙක් අල්ලා පොලීසියට බාර දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස සංචාරක අමාත්‍යවරයා එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.