30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල පහළට

ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල පහළට

ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල හෙට (05) සිට අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් අප සිදුකළ විමසීමක දී සඳහන් කර සිටියේ, එලෙස අඩුවන මිල ගණන් සම්බන්ධයෙන් හෙට (05) දිනයේදී පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි.

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ එහි වාසිය පාරිභෝගිකන් වෙත ලබාදීමේ අරමුණින් මෙලෙස ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල අඩු කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.