සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ, අනුව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මෙම පත්වීම පස් අවුරුදු ධුරකාලයක් සඳහා වලංගු වනවා.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වීමත් සමඟ එම තනතුර පුරප්පාඩුව පැවතියා.


