පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විසින් අද (04) පාර්ලිමේන්තුව්දී දැනුම් දුන්නා.
එම අපේක්ෂකයින්ගේ මාර්තු මස 09 වනදා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා වූ මූලික වැටුප ගෙවීමට ඊයේ (03) දිනයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස තීරණය කර තිබෙනවා.


