24.5 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩි මිලට බිත්තර 05ක් විකුණා ලක්ෂයක දඩ කයි

වැඩි මිලට බිත්තර 05ක් විකුණා ලක්ෂයක දඩ කයි

පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර විකිණීමේ චෝදනාවට වරද පිළිගත් වෙළඳසැල් හිමියෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය අද රුපියල් ලක්ෂයක දඩයක් නියම කළා.

මෙසේ දඩ නියම කෙරුණේ මිනුවන්ගොඩ – ගුවන්තොටුපළ මාර්ගයේ බිත්තර අළෙවි සලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුටයි.

ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් කළ මෙම වැටලීමේදී අදාළ ව්‍යාපාරිකයා,රුපියල් 44 කට විකිණිය යුතු සුදු බිත්තරයක් රුපියල් 55 කට අළෙවි කර තිබූ බව අනාවරණය වුණා.

පාරිභෝගික සේවා අධිකාරිය උපාය දුතයෙකු යොදවා බිත්තර 05ක් ව්‍යාපාරිකයාගෙන් මිලට ගෙන තිබුණා.