― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් ඩිකියේ ගමන් යන වව්නියාවේ තරුණයින්

බස් ඩිකියේ ගමන් යන වව්නියාවේ තරුණයින්

වවුනියාව සිට සෙට්ටිකුලම දක්වා දිවෙන බස් රථයේ ඩිකියේ වාඩි වී ඊයේ (04) සවස තරුණයින් තිදෙනෙකු ගමන්ගන්නා ආකාරය දැක්වෙන චායාරූප පෙළක් සමාජ ජාලා තුළ සංසරණය වෙමින් පවතී.

වවුනියාව දිස්ත්‍රික්කයට ඊයේ (04) සවස දැඩි වර්ෂාපතනයක් ලැබුණු අතර අදාළ අවස්ථාවේ වවුනියාව සිට සෙට්ටිකුලම දක්වා දිවෙන බස් රථයේ පාපුරුවේ පුද්ගලයින් රැසක් ගමන් කොට තිබිණ. එහිදී වර්ෂාවෙන් බේරීමට තරුණයින් තිදෙනෙකු ආනාරක්ෂිත ලෙස බස් රථයේ ඩිකියේ ගමන් කිරීමට පෙළඹී ඇත.

වවුනියාව සිට සෙට්ටිකුලම දක්වා ගමන්ගන්නා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික අවසන් බස් රථය තුළ මගීන් රැසකට පාපුරුවේ ගමන් කිරීමට සිදුවීම සාමාන්‍ය සිදුවීමක් වන බව සෙට්ටිකුලම ප්‍ර දේශවාසීන් පවසති. සෑම දිනකම සෙට්ටිකුලම දක්වා දිවෙන අවසන් බස් රථය මගීන්ගෙන් පිරී යන අතර සෙට්ටිකුලම දක්වා ගමන් ගන්නා අවසන් බස් රථයේ බොහෝ අවස්ථාවල අනාරක්ෂිත ලෙස මගීන්ට ගමන් කිරීමට සිදුවන බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

සෙට්ටකුලම දක්වා සෑම දිනෙකම සවස ගමන් ගන්වා අවසන් බස් රථය වේලාවට තවත් පෞද්ගලික බස් රථයක් හෝ යොදවා මගින්ට ගමන් පහසුව සලසා දෙන ලෙසට මගීන් ඉල්ලීම් කරති.