25.6 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විනිවිදභාවයක් නැහැ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විනිවිදභාවයක් නැහැ

ශ්‍රී ලංකාවේ කුරිරු ත්‍රස්ත විරෝධී නීතිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා යෝජිත නීති සම්පාදනය විනිවිදභාවයෙන් තොර බව යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චෙයිබි මහතා එම විවේචනය නිකුත් කළේය.

නව විකල්ප නීති සම්පාදනය වන්නේ ඝ්Sඵ්+ බදු සහන ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව යුරෝපා සංගමයේ තීරණයට පෙරය. මෙම නව නීතිය සම්මත නොකර ඝ්Sඵ්+ ගිවිසුම දීර්ඝ කිරීමට යුරෝපා සංගමය අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක් වටිනා වෙළඳ සහන අහිමි විය හැකිය.

යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී සංවිධාන හඳුනා ගැනීම මහජනතාවගෙන් සහ අධිකරණයෙන් ලැබෙන තොරතුරු මත පදනම් වූ ක්‍රියාවලියක් හරහා සිදු කෙරේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් අඩු බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තානාපති ඩෙනිස් චෙයිබි මහතා පැවසීය.