― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉදිරියේදී කිරිපිටි මිල තවත් පහළට

ඉදිරියේදී කිරිපිටි මිල තවත් පහළට

ඉදිරි මාස කිහිපයේදී ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුවිය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

පසුගිය සතියේදීද කිරිපිටි මිල අඩු කරනු ලැබූ අතර ඒ අනුව ආනයනය කරන ග්‍රෑම් 400 කිරිපිටු පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමට පියවර ගත්තේය.

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 1120 කට අලෙවි කරනු ලබන අතර රුපියල් 3100ක්ව පැවති කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩු කළේය.

කෙසේ වෙතත්, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ එළඹෙන ජුනි මාසය වනවිට කිරිපිටි මිල තවදුරටත් පහළ යා හැකි බවයි.