― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋත්සව සමයේ එළවළු මිලේ ඉහළයෑමක්

උත්සව සමයේ එළවළු මිලේ ඉහළයෑමක්

සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළදි හැටන් ආශ්‍රිත ප්‍රදේශ කීපයකම එළවළු ඇතුළු සමහර භාණ්ඩවල මිල ඉහළ යාමේ තත්වයක් පැවතීමත් සමඟ ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.

මෙම තත්වය පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පැවසුවේ උත්සව සමය තුළදී අමු මිරිස්, තක්කාලි, මාළු මිරිස්, වම්බටු, වැනි එළවළු වර්ග කිපයක්ද බිත්තර, පොල්, පොල් තෙල් මුං ඇට වැනි ආහාර වර්ගවලද මිල හිටි හැටියේම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය සතියට සාපේක්ෂව මෙම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බවත් මෙම ප්‍රදේශයේ සමහර කූඨ වෙළෙදුන් විසින් සෑම උත්සව සමයක් තුළදීම ආහාර ද්‍රව්‍යවල මිල මෙසේ ඉහළ දමන බවත් මෙම තත්වය මත පාරිභෝගික ජනතාව විවිධ ආකාරයෙන් දුෂ්කරතාවයන්ට පත්වන බවටත් පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.

මෙම තත්වය පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ වෙළෙඳුන් කිහිපදෙනෙකුම කියා සිටියේ එළවළු වර්ග කීපයක තොග මිල ඉහළ ගොස් ඇති බවත් පොල්, පොල් තෙල්, බිත්තර වැනි දේ හිඟ වීමෙන් තොග මිලද ඉහළ යා හැකි බවයි.