එලඹෙන උත්සව සමයත් සමඟ වෙළදපලෙහි රසකැවිලි මිල ගණන් ඉහල ගොස් ඇත.
ඒ රසකැවිලි නිෂ්පාදනයට යොදා ගන්නා සීනි, පොල්තෙල්, මුං ඇට, පොල් ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ය.
ඒ අනුව පෙර වසරවල රුපියල් 40ත් 60ත් අතර මිලකට අලෙවි වූ කැවුමක මිල මේ වන විට රුපියල් 60ත් 100ත් දක්වා ඉහළ දමා ඇත.
කොකිස් රස කැවිලක මිල ද රුපියල් 30 දක්වා ද ආස්මියක මිල රුපියල් 120 දක්වා ද මිල ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම උදු පිටිවල මිල ඉහළ යාම හේතුවෙන් පැණි වළල්ලක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇත.