― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදැරියන් 4කට හදි කළ අසූ වියේ මහලු දේවගැතිවරයා අත්අඩංගුවට

දැරියන් 4කට හදි කළ අසූ වියේ මහලු දේවගැතිවරයා අත්අඩංගුවට

යාපනය – ඉරුපාලෙයි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක නේවාසික දැරියන් 04 දෙනෙකු දූෂණය කළ බව චූදිත දේවගැතිවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු අසූවක් වන මෙම දේවගැතිවරයා දූෂණ චෝදනා එල්ල වීම සමඟ යාපනයේ සිට කොළඹට පළා ඇවිත් තිබේ.

එහිදී ඔහු මෙලෙස පොලිසියේ අත් අඩංගුවට පත් වූ අතර එම ළමා නිවාසයේ දරු දැරියන් 16 දෙනෙකු සිටියි.

ඒ අතරින් දැරියන් 4 දෙනෙකු දූෂණය වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති අතර ඒ අනුව කෝපායි පොලිසිය දේවගැතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.