27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් දෙදරු පියාට දිවි අහිමි වෙයි

අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් දෙදරු පියාට දිවි අහිමි වෙයි

තෙමහල් නිවසක බිත්ති කපරාරු කිරීමට ගිය පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටී ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (15) උදෑසන අදාළ පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග නිවසක බිත්ති කපරාරු කිරීමට යකඩ පලංචියක් බැඳීමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පලංචිය බැඳීමට යොදා ගත් යකඩ බටයක් අසල මාර්ගයේ තිබූ අධිබලැති විදුලි රැහැනක ගැටීමෙනුයි ඔහුට විදුලිසැර වැදි ඇත්තේ.

අදාළ පුද්ගලයා ජා-ඇල රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ ද ඒ වනවිටත් ඔහු ජිවිතක්ෂයට පත්ව සිටි බව සඳහන්.මෙලෙස මිය ගොස් ඇත්තේ ජා-ඇල, කුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක්.