26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැතිවරණය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

මැතිවරණය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් මස 25 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අප්‍රේල් 11 වැනිදායි.

ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි වූ බවට කරුණ තවදුරටත් විසඳී නොමැති හෙයින් ඉහත සඳහන් නියමිත දින ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බැවින් එකී ඡන්ද විමසීම නැවත වරක් කල්දැමීමට සිදුවී ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.