― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකිකයින් පිරිසක් වියට්නාමයෙන් පිටුවහල් කෙරේ

ශ්‍රී ලාංකිකයින් පිරිසක් වියට්නාමයෙන් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් වෙනත් රටකට යමින් සිටින අතරතුරදී බෝට්ටුව අනතුරට ලක්වී වියට්නාම මුහුදු සීමාවේදී බේරාගැනුණු ශ්‍රී ලාංකිකයින්ගෙන් තවත් පිරිසක් මෙරටට පිටුවහල් කර තිබේ.

ඒ අනුව 23 දෙනෙකු අප්‍රේල් 19 වැනිදා මෙරටට පැමිණි බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.

2022 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙක් ගමන්කරමින් සිටි වියට්නාම ධජය සහිත විශාල බෝට්ටුවක් වියට්නාම මුහුදු සීමාවේදී අනතුරට ලක්විය.

වියට්නාම වෙරළ ආරක්ෂක කණ්ඩායම් එම පිරිස බේරාගත් අතර දෙසැම්බර් මාසයේදී ඉන් 151 දෙනෙක් නැවත මෙරටට එවනු ලැබීය.