30 C
Colombo
Thursday, April 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews25 වැනිදා ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

25 වැනිදා ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

අප්‍රේල් 25 වැනිදා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ සහ බේරුවල ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පෙරවරු 9 සිට සවස 6 දක්වා පැය 9ක කාලයක් එම ප්‍රදේශ කිහිපයේ ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර /දකුණ), මොරොන්තුඩුව, බෝම්බුවල, පිලමිනාවත්ත, දර්ගා නගරය, බෙන්තොට, අළුත්ගම, කළුවාමෝදර සහ බේරුවල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.