28.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews25 වැනිදා ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

25 වැනිදා ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

අප්‍රේල් 25 වැනිදා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ සහ බේරුවල ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පෙරවරු 9 සිට සවස 6 දක්වා පැය 9ක කාලයක් එම ප්‍රදේශ කිහිපයේ ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර /දකුණ), මොරොන්තුඩුව, බෝම්බුවල, පිලමිනාවත්ත, දර්ගා නගරය, බෙන්තොට, අළුත්ගම, කළුවාමෝදර සහ බේරුවල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.