28.9 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙන්මාර්කයේ ඔමික්‍රෝන් උප ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තියක්

ඩෙන්මාර්කයේ ඔමික්‍රෝන් උප ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තියක්

ඩෙන්මාර්කයෙන් හඳුනා ගැනුණු ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදය අනික් සියලු ප්‍රභේදයන්ට සාපේක්ෂව ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔමික්‍රෝන් ප්‍රභේදයද ලොව පුරා රටවල් 57කින් හඳුනා ගෙන ඇති අතර ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් මුල් වරට හඳුනා ගැනුණේ මීට සති 10කට ඉහතදීය. අතිශය ඉහළ සම්ප්‍රේෂණයක් සහිත මෙම ප්‍රභේදය ලොව පුරා ප්‍රමුඛ කොරෝනා වෛරස ප්‍රභේදය බවට මේ වන විට පත්ව තිබේ.

ඉකුත් සතිවල ලොව පුරා සමස්ත ආසාදිතයන් පිරිසෙන් 93%ක් ඔමික්‍රෝන් ආසාදිතයන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
කෙසේ වුවද එහි තවත් විකෘති උපප්‍රභේදයන් රැසක් මතුව තිබේ. බී ඒ – 2 නමැති ඔමික්‍රෝන් උප ප්‍රභේදය ඩෙන්මාර්කයෙන් හඳුනා ගැනිණ. එරට 17,000කට වැඩි පිරිසකට මෙම උප ප්‍රභේදය ආසාදනය වී ඇති බව වාර්තා වේ.