27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි සැර වැදී පස්දරු මවක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී පස්දරු මවක් ජීවිතක්ෂයට

ඌව පරණගම වැලිඋල්ල, කිරිඔරුව ප්‍රදේශයේ කාන්තාවක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (24) උදෑසන 6ට පමණ මෙම කාන්තාව ඇයට අයත් තේ වත්තක දළු නෙළීම සඳහා නිවසින් පිටව ගොස් තිබෙන අතර ඊයේ සවස් වනවිටත් අදාළ කාන්තාව නිවසට නොපැමිණීම නිසා නිවැසියන් සිය මව සොයා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී සතුන් මැරීම සඳහා අටවන ලද විදුලි රැහැනක පැටලී සිට අදාළ කාන්තාව සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරීමේ අරමුණින් විදුලි රැහැනක් අටවා ඇති අතර එයට පැටලී අදාළ කාන්තාව මිය යන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා මෘත ශරීරය ඌව පරණගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබේ.