― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබිත්තරයක උපරිම මිල ඉවත් කිරීම ගැන අවධානය

බිත්තරයක උපරිම මිල ඉවත් කිරීම ගැන අවධානය

බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

ඒ, අනුව බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගතහොත් දින 15ක් ඇතුළත වෙළෙඳපොළ තුළ පවතින බිත්තර හිඟය නැති කිරීමට හැකි බවයි බිත්තර නිෂ්පාදකයින් සඳහන් කරන්නේ.

බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර, පැවති විශේෂ සාකච්ඡාවක දී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන්.

මේ අතර බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.