31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝ ගසක් කපමින් සිටි අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

බෝ ගසක් කපමින් සිටි අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

බෝ ගසක් කපා ඉවත් කිරීමේ කටයුත්තක යෙදී සිටි පුද්ගලයෙක් එම බෝ ගසින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා අද (30) දහවල් කෑගල්ල ප්‍රදේශයේ බාලිකා පාසලක පිටත තාප්පය ආසන්නයේ හටගෙන තිබූ බෝ ගසක් කපා ඉවත් කිරීමේ කටයුත්තක යෙදී සිට ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ අදාළ පුද්ගලයා බෝ ගසින් වැටී බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති අතර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑගල්ල, මාදෙයියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි තිදරු පියෙක්.