27.2 C
Colombo
Tuesday, November 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් ගුරුවරුන් සඳහා ලිංගික අධ්‍යාපන පුහුණුවක්

පාසල් ගුරුවරුන් සඳහා ලිංගික අධ්‍යාපන පුහුණුවක්

සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව ගුරවරුන් පුහුණු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් ආරම්භ කිරීමට නියමිත අතර විෂය මාලා සංශෝධනයක් ද සිදු කෙරෙනු ඇති.

අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ පෙර පාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය කර තිබෙන නිර්දේශයත් සමඟයි.

ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව විෂය නිර්දේශ ඇතුළත් පොත් සකස් කළ හැකි වුවද, අදාල කරුණු සිසුන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් අවශ්‍ය බවයි අමාත්‍යංශය අවධාරණය කරන්නේ.