― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews'එළු ගාලේ නොන්ජා මංජු' බිරිඳ සමඟ රිමාන්ඩ්

‘එළු ගාලේ නොන්ජා මංජු’ බිරිඳ සමඟ රිමාන්ඩ්

කොටදෙනියාව සහ කුරුණෑගල යන පොලිස් වසම් තුළ රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදල්, රන් භාණ්ඩ සහ දේපළ සොරාගත් ‘එළු ගාලේ නොන්ජා මංජු’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු සහ ඔහුගේ බිරිඳ ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි විසින් ඊයේ (01) මෙම සැකකරුවන් රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කළා.

කොටදෙනියාව, කිතුල්වල මුනිදාස කුමාරතුංග විදුහලේ විදුහල්පති කාමරය කඩා රුපියල් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් සොරා ගැනීම සහ නාල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් 50000කට ආසන්න මුදල් සහ භාණ්ඩ සොරා ගෙන යාම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කුරුණෑගල නගරයේ අම්මාන් කෝවිල මාවතේ පදිංචි සැකකරුව සහ සැකකාරිය ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ. මොවුන් කොටදෙණියාව පොලිස් වසමේ සිදුකළ සොරකම් දෙකට අමතරව සැකකරු විසින් කුරුණෑගල පොලිස් වසමේ වෙළඳසැල් 04 කින් සහ නිවාස 08 කින් මුදල්, රන් ආභරණ සහ වෙනත් දේපළ සොරාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු විසින් සොරාගන්නා ලද රන් භාණ්ඩ සහ දේපළවලින් කොටසක් කොටදෙනියාව පොලිසිය මඟින් සොයා ගෙන ඇති අතර, අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින සැකකරු හෙරොයින් පානය සඳහා දිනකට රුපියල් 15,000ක පමණ මුදලක් වැය වන බවටයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු විසින් සොරා ගන්නා භාණ්ඩ සහ රන් ආභරණ අලෙවි කිරීම සහ උකස් කිරීම සැකකරුගේ බිරිඳ විසින් සිදුකර ඇති බවත් එසේ උකස්කර සහ විකුණා ලබාගන්නා මුදල් සැකකරු විසින් හෙරොයින් පානය සඳහා වියදම් කර ඇති බව අධිකරණයේ දී හෙළිව තිබෙනවා.