24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික අංශයටත්

මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික අංශයටත්

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එම නියෝජිතායතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා, එකී වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අනුමැතිව ලබාදීමට තීරණය කර තිබේ.