26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලොවක් මවිත කරමින් ඇමරිකාවෙන් විශ්මකර්ම සැත්කමක්

ලොවක් මවිත කරමින් ඇමරිකාවෙන් විශ්මකර්ම සැත්කමක්

ලොව ප්‍රථම වරට ගර්භාෂය තුළ වැඩෙන බිළිඳෙකුට සාර්ථක සැත්කමක් ඇමරිකාව විසින් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොළයේ සිට හදවතට රුධිරය ගෙන යන රුධිර නාලයක් අවහිර වීම හේතුවෙනුයු මෙම බිළිඳා සැත්කමට ලක්කර ඇත්තේ.

මෙම තත්ත්වය ‘Venus of Galen malformation’ ලෙස හඳුන්වන අතර එවැනි දරුවන්ට මොළයේ තුවාල සහ හෘදයාබාධ ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසයි.

මෙම තත්ත්වය ඇති සියලුම දරුවන්ගෙන් 50%ක්, 60% ක් පමණ ක්ෂණික අසනීපවලට ගොදුරු වන බවත් 40% ක මරණ අනුපාතයක් ඇති බවත්, දිවි ගලවා ගන්නා ළදරුවන්ගෙන් අඩක් පමණ දරුණු ස්නායු හා සංජානන ගැටලුවලට මුහුණ පාන බවත් ඔවුන් පෙන්වා දෙයි.

සැත්කම සිදුකරන විට අදාළ කාන්තාව ගැබ්ගෙන සති 34ක් බවයි වාර්තා වන්නේ.