― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතරින් 12 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

රටවල් 100 කට අධික සංඛ්‍යාවක සංචාරකයන් පදනම් කරගත් ස්වේච්ඡා අත්දැකීම් ගොනු කර ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් ලෙස වර්ල්ඩ් පැකර්ස් හැඳින්විය හැකි අතර ඔවුන්ගේ වාර්තාවලට අනුවයි ශ්‍රී ලංකාව මෙලෙස ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ.

ඒ අනුව ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර පළමු තැනට අයිස්ලන්තයත් ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානවලත් පසුවේ.

එහි පෙරමුණේ පසුවන එකම දකුණු ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි.