24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩු අංජුගේ සමීපතමයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කුඩු අංජුගේ සමීපතමයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඊයේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අත්අඩංගුවට ගත් රත්මලාන කුඩු අංජුගේ ගෝලයා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

වීරවිල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකරු බණ්ඩාරගම – වැල්මිල්ල ප්‍රදේශයේදි පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එනම්, පසුගිය තුන් වන දා, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ ‘කුඩු අංජු’ ගේ අපරාධ සම්බන්ධයෙන් වූ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

රත්මලානේ ‘කුඩු අංජු’ පසුගියදා ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. කුඩු අංජු මෙරට සිටි කාලය තුළ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් වූ තොරතුරු වාර්තා එරටට ඉදිරිපත් කර ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා එම වාර්තා කැඳවා තිබේ.

එනම් පසුගිය මස 26 වනදා කුඩු අංජු නමැත්තා බිරිඳට සිදුකළ පහරදීමක් හේතුවෙන් ප්‍රංශ පොලීසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාරගත කර තිබුණි.