― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කොට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූම අතුරු මාර්ගවලට හෙට (08) පෙ.ව.10.0 සිට එදින රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO)විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි.

එම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් අවශ්‍ය පරිදි ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය එම ප්‍රදේශවාසීන්ගේ ඉල්ලා සිටී.

අමතර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා 1939 ක්ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබාගත හැකිය.