23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවක්ඔයේ ගිලී කාන්තාවක් ජීවිතක්ෂයට

වක්ඔයේ ගිලී කාන්තාවක් ජීවිතක්ෂයට

හංවැල්ල වක්ඔයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් අයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හංවැල්ල උඩවත්ත රණවිරු මාවත පදිංචිව සිටි කේ ඒ ඩි රසිකා නිලානි නැමැති 42 හැවිරිදි කාන්තාවකි.අනෙක් කාන්තාව අවිස්සාවේල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

මියගිය කාන්තාව සහ රෝහල්ගතව සිටින කාන්තාව ඊයේ සවස වක්ඔයේ දියනාමින් සිටියදී දෙනාම දී ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් ඔවුන් දෙදෙනා ගොඩට ගෙන  රෝහල් ගත වන කාලයල්   තිබූ බව පොලිසිය කියයි.

119 දුරකථන මධ්‍යස්ථානය හරහා පොලිසියට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය අවිස්සාවේල්ල  රෝහලේ දී සිදුකිරීමට නියමිතය.