පසුගිය සතියේ පැවති වෙසක් උත්සව සමයේදී කොළඹ නෙළුම් කුළුණ නැරඹීම සඳහා විශාලා නරඹන්නන් පිරිසක් පැමිණ ඇති බව නෙළුම් කුළුණ පාලනාධිකාරිය පවසයි.
එම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මැයි 05 සහ 06 යන දෙදින තුළ සැලකිය යුතු නරඹන්නන් පිරිසක් පැමිණ ඇති බවයි.
එහි පැමිණි සියලු නරඹන්නන් හට විවෘත අයිස්ක්රීම් දන්සලක් ලබා දී ඇති අතර 05 සහ 06 යන දෙදින තුළ ප්රවේශ පත්ර දේශීය නරඹන්නන් සඳහා 20,883 විකිණී ඇති අතර විදේශිකයන් සඳහා ප්රවේශ පත්ර 162ක් විකිණී ඇති බවයි නෙළුම් කුළුණ පාලනාධිකාරිය පවසන්නේ.