― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsදළදා මාළිගාව අසළ ඩ්‍රෝන යානාවක් යැවූ චීන දෙපළකට අවවාද

දළදා මාළිගාව අසළ ඩ්‍රෝන යානාවක් යැවූ චීන දෙපළකට අවවාද

නිසි අවසරයකින් තොරව ශ්‍රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කිරීමට උත්සාහ කරන බවට ඇති වූ සැකයක් මත චීන ජාතිකයින් දෙදෙනෙකු අද (08) මහනුවර පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අවවාද කර මුදාහැරි බව පොලීසිය පවසනවා.

අදාළ ඩ්‍රෝන යානය මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙන අතර එහි මහනුවර ශ්‍රී දළදා මාලිගාව හෝ ඒ ආශ්‍රිත ආරක්ෂිත කලාපයේ කිසිදු දර්ශනයක් නොතිබීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීමට පොලීසිය තීරණය කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් චීන ජාතිකයින් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය කටයුතු කර ඇති අතර මහනුවර පොලීසියේ සංචාරක පොලිස් ඒකකය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.