― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසීනි මිල ඉහළ යාම ගැන වාර්තාවක් ඉල්ලයි

සීනි මිල ඉහළ යාම ගැන වාර්තාවක් ඉල්ලයි

වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේවේදී පැවසීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඩොලරයේ අගයද පහළ ගොස් ඇති තත්ත්වයක සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බවයි. තිරිගු පිටි මත අය කළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහළ යාමක් සිදු විය නොහැකි බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13%කින් පමණ පහළ ගොස් ඇති බවත් ලෝක වෙළෙඳපොලේ තිරිගු පිටි මිල ගණන් ද 15%කින් පමණ පහළ ගොස් ඇති බවත් අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එවැනි තත්ත්වයක් යටතේ රජය පැනවූ බද්ද හේතුවෙන් තිරිගු පිටි මිලෙහි ඉහළ යාමක් ඇති නොවන බවයි.